රටම කැළඹූ “අවලෝකේතීශ්වර” රිමාන්ඩ්.

‘අවලෝකේතීශ්වර බෝධිසත්ත්ව’ ලෙස පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා ලබන ජනවාරි 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කළා.

එහිදී සැකකරු අංගොඩ මානසික රෝහල වෙත ඉදිරිපත් කර, ඔහුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොල්සිටර් ජනරාල් දිලීප පීරිස් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කරනු ලැබුවේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *