රටවල් හතක සංචාරකයන්ට ලංකාවෙන් නොමිලේ වීසා.

රටවල් හතක සංචාරකයින් සඳහා ගාස්තු අය නොකර වීසා ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීමේ නියමු වැඩසටහනක් ලෙස චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් උදෙසා මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව මෙම වැඩසටහන 2024 වර්ෂයේ මාර්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉහත කී රාජ්‍ය තාන්ත්‍රික, නිල රාජ්‍ය කටයුතු, සේවා සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් ඊට සුදුසුකම් ලබයි.

ඒ අනුව මෙම රටවල පුද්ගලයින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය සඳහා ඉල්ලුම් කළ යුතුය.

එම රටවල සංචාරකයින්ට දින 30ක කාල සීමාවක් සඳහා පමණක් ගාස්තු රහිතව මෙම ඉලෙක්ට්‍රොනික සංචාරණ අනුමැතිය ලබා දෙන බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් සෙසු රටවලින් පැමිණෙන සංචාරකයින්ට සාමාන්‍ය නීති – රෙගුලාසි ක්‍රියාත්මක කෙරේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *