රාජ්‍ය සේවකයින්ට නිවාඩු ලබාදීම සඳහා විශේෂ චක්‍රලේඛයක්.

කුලවද්දාගත් දරුවකු හදාවඩා ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු ලබාදීම සඳහා විශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

දරුවෙකු හදාවඩා ගැනීම විශේෂ අවස්ථාවක් සේ සලකා උපරිම මාස 04ක කාලයක් සඳහා අඛණ්ඩව රාජ්‍ය නිලධාරිනියකට නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛයෙන් දැනුම් දී ඇති බව සඳහන්ය.

එම නිවාඩුව සඳහා ඉල්ලුම් කිරීමට හදා වඩා ගැනීම සඳහා ලබාගන්නා දරුවාගේ වයස මාස 10කට අඩුවිය යුතු අතර, එම දරුවාගේ උප්පැන්න සහතිකයේ සත්‍ය පිටපතක් ඉදිරිපත් කළයුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වෙයි.

ඒ අනුව, වැටුප් සහිත නිවාඩු, අඩ වැටුප් සහිත නිවාඩු සහ වැටුප් රහිත නිවාඩු වශයෙන් උපරිමය මාස 04ක කාලයක් සඳහා කුලවද්දාගත් දරුවෙකු හදා වඩාගැනීම වෙනුවෙන් රජයේ ස්ථීර නිලධාරිනියකට නිවාඩු ලබාගැනීමට හැකියාව පවතී.

එලෙසම රජයේ ස්ථීර නිලධාරියකු සඳහා කුලවද්දාගත් දරුවකු හදාවඩා ගැනීම වෙනුවෙන් වැඩ කරන දින 03ක විශේෂ පිතෘත්ව නිවාඩුවක් ලබාගැනීමට ද හැකියාව පවතින බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

එම චක්‍රලේඛය මේ වසරේ ජුනි මස 26 වැනි දින සිට ක්‍රියාත්මකයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *