රැකියාව කරන ගමන් හිටගෙන නිදාගන්න පහසු යන්ත්‍රයක් එයි.

රැකියාව කරන ගමන් හිටගෙන නිදාගන්න පහසු යන්ත්‍රයක් එයි.

රැකියාව සිදුකරන කාලය අතරතුරදී කුඩා නින්දක් ලැබීමට හැකිනම්, රැකියාව ඵලදායිව සිදුකිරීමට හැකි බව ජපාන පර්යේෂකයින් පවසයි.

ඒ අනුව ජපානයේ පර්යේෂකයින් පිරිසක් විසින් මෙසේ ආයතනය තුළ පහසුවෙන් නිදා ගත හැකි යන්ත්‍රයක් නිෂ්පාදනය කර තිබේ.

මෙය නම් කර ඇත්තේ ‘ජිරාෆ් නැප්’ යන නමිනි.

ඒ අනුව මෙම යන්ත්‍රය තුළට ඇතුළු වී ජිරාෆ්ගේ හැඩයට සමාන හැඩයකින් සිරුර තබා ගනිමින් නිදා ගැනීමට හැකියාව ලබා දී තිබේ.

මෙහි හැඩය කුඩා දුරකථන කුටියක ප්‍රමාණයට සමාන බවද සඳහන් වේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *