රෝගියාගේ ම#රණය සැක බව ප්‍රකාශ කළ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාට කෙණෙහිලි – ඔහුත් විශ්‍රාම ගන්න යයි

අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු, එහි කාර්ය මණ්ඩලය විසින් සිදුකළ පහර දීම් හේතුවෙන් මිය ගොස් ඇති බවට වාර්තා කළ, අධිකරණ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරාට එරෙහිව, රෝහල තුලින්ම දැඩි විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, එකී අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාට ලබා දී තිබුණු කාර්ය මණ්ඩලය ඉවත්කොට, වෙනත් කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කිරීමටද රෝහල් පාලනාධිකාරිය කටයුතු කර තිබෙන බව පැවසේ.

එය, එම වෛද්‍යවරයාට එරෙහිව දියත් කර තිබෙන කුමන්ත්‍රණයක් යැයි සැක මතු වේ.

අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ යුතු වාර්තා, රෝහල් සුළු සේවකයෙකු යටතට පත් කිරීම හරහා, අදාල වාර්තා අස්ථානගත වීමේ අවධානමක් තිබෙන බව පැවසේ.

අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියාගේ මරණය සම්බන්ධ සාක්ෂි සටහන්ව තිබුණු ලැප්ටොප් වර්ගයේ පරිඝණකයද මේ වන විට අස්ථානගතව තිබෙන බව වාර්තා වේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *