ලංකාවටත් ගේන ඉන්දියාවේ ආහාරවල මිල ඉහළට.

ඉන්දියාවේ ආහාර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට ඉන්දිය ආහාර මිල ගණන් සියයට 11 කින් ඉහළ ගොස් ඇතැයි සඳහන්. වසර 100 කට ආසන්න කාලයක් තුළ මුහුණපෑ දරුණුතම දේශගුණ විපර්්‍යාසයන්ගෙන් බලපෑම් එල්ලවීම මෙම තත්ත්වයට ආසන්නතම හේතුව වී තිබෙනවා.

ඒ අනුව පරිප්පු මිල ගණන් සියයට 20 කටත් වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති අතර ලූණු මිල ද ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. ලූනු සඳහා සියයට 40 ක බද්දක් ද පනවා තිබෙනවා. බාස්මතී නොවන සුදු සහල් අපනයනය හදිසියේ තහනම් කළ ඉන්දියාව තිරිඟු පිටි අපනයනය ද දැනටමත් තහනම් කර අවසන්. සීනි අපනයනය ද තහනම් කිරීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවයි ඉන්දිය ආර්ථික විශේෂඥයින් පවසන්නේ.

ඉන්දියාව යනු පසුගිය දශකය තුළ ලොව විශාලතම සහල් අපනයනකරු වන අතර ගෝලී්ය වෙළඳපොලෙන් සියයට 40 ක් ඔවුන් සතුයි. ලොව දෙවන විශාලතම සීනි සහ ලූනු අපනයනකරුද ඉන්දියාවයි. ගෝලීය කෘෂි වෙළඳාමේ ප්‍රධානම රටක් වන ඉන්දියාවේ ආහාර මිල ගණන් ඉහළ යාම ගෝලීය ආහාර දාමයට ද බලපෑම් කරනු ඇති බවටයි විදෙස් මාධ්‍ය අනාවැකි පළ කර ඇත්තේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *