ලංකාවෙන් ටික්ටෝක් තහනම් වෙයිද..? ටික් ටොක් තහනම් කරන ලෙස ඉල්ලා පෙත්සමක්.

ලංකාවෙන් ටික්ටෝක් තහනම් වෙයිද..? ටික් ටොක් තහනම් කරන ලෙස ඉල්ලා පෙත්සමක්.

ටික් ටොක් ජංගම දුරකථන යෙදවුම රට තුළ තහනම් කරන ලෙස ඉල්ලා කෙන්යාවේ පාර්ලිමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

රටේ සංස්කෘතිය විනාශවීමට සහ සදාචාරය නැති කිරීමට ටික්ටොක් ප්‍රධාන දායකත්වයක් සපයන බව එම පෙත්සම මගින් පෙන්වා දී ඇත.

ටික්ටොක් යෙදවුම රටේ තරුණ ප්‍රජාව අතර සීග්‍රයෙන් ජනප්‍රිය වෙම්න් ඇති බවත්, එහි සංසරණය වන අන්තර්ගතයන් සමාජයට නොගැළපෙන බවත් පෙත්සම්කරු සඳහන් කර තිබේ.

රටේ දරුවන්ගේ පෞද්ගලිකත්වයට පවා ටික්ටොක් යෙදවුම හරහා බලපෑම් එල්ල වී ඇති බව එම පෙත්සමෙන් පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එබැවින් එය තහනම් කිරීම සඳහා පාර්ලිමේන්තුව කඩිනම් පියවර ගත යුතු බව පෙත්සම්කරු සඳහන් කර ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *