ලංකාවෙන් භූමිකම්පා 16ක් වාර්තා වෙයි 

වසරේ මේ දක්වා මෙරටින් භූ චලන 16 ක් වාර්තා වී තිබෙනවා.

ඉන් 06 ක්ම බුත්තල හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් වාර්තාවීම විශේෂත්වයක් බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ප්‍රකාශ කළේ.

එමෙන්ම ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශයෙන්ද භූ චලන 3ක් වාර්තා වී තිබෙනවා.

ආසන්නම භූ චලනය ඊයේ රාත්‍රීයේ මොණරාගල – බුත්තල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංකයේ ඒකක 2 යි දශම 4 ක් ලෙස සටහන් වුණා.

එය සිදුව තිබුණේ පොළොව මතුපිට සිට කිලෝමීටරයක් ගැඹුරින්.

මෙම භූ චලනය මෙරට ස්ථාපිත කර ඇති භූකම්පන මාන හතරෙහිම සටහන් වී තිබෙනවා.

මීට පෙරද අවස්ථා කිහිපයකදී බුත්තල සහ ඒ අවට ප්‍රදේශවලින් සුළු භූචලන වාර්තා වූ අතර ඊයේ සිදුවූ භූ චලනය පිළිබඳ ප්‍රදේශවාසින් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වා සිටියේ මෙලෙසින්.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *