ලංකාව ගැන බය හිතෙන අනාවරණයක් සමීක්ෂණයකින් එළියට එයි.

අධ්‍යාපන, සෞඛ්‍ය, ආපදා සහ ජීවන තත්ත්වය සැලකීමේ දී මෙරට ජනගහනයෙන් සියයට 55ක් අවදානම් දර්ශකයේ පසුවන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ඔක්ස්ෆර්ඩ් ද්‍රරිද්‍රතාව සහ මානව සංවර්ධන ඒකකය එක්ව සිදුකළ සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

ඒ අනුව මෙරට පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 06 දෙනෙකු අධ්‍යාපන, සෞඛ්‍ය, ආපදා සහ ජීවන තත්ත්වය සම්බන්ධයෙන් අවදානමේ පසුවන බව වාර්තා විය.

මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් විවිධ පැතිකඩයන්ගෙන් සිදුව ඇති බලපෑම පිළිබඳව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා කාලය තුළ මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *