Wed. Jul 2nd, 2025

පසුගිය මාස තුනක කාලය තුළ කිසිදු විදුලි ඒකකයක් භාවිතා නොකළ තිස් දහසක පාරිභෝගික සංඛ්‍යාවක් සිටින බව විදුලි බල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.

ඔහු මේ පිළිබඳව පැවසුවේ පසුගියදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඔහු එහිදී පැවසුවේ මෙම සම්බන්ධතා අතර නිවාස සහ ව්‍යාපාර තිබෙන බවය.

බොහෝ විට මෙම තිස්දහස අතර සිටින්නේ විදේශගත වී සිටින විදුලි පාරිභෝගිකයන් වන අතර තවත් පිරිසක් පදිංචිය මාරු කළ අය බව ඇමැතිවරයා කියා සිටියේය

By Aloka