ලාංකාවේ ඉංජිනේරුවෙක්ට වැටුප එක්ලක්ෂ පනස්දාහයි – චීන ඉංජිනේරුවන්ට ලක්ෂ 49ක වැටුප් ගෙවා ලංකාවට.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සේවය කළ විදුලි ඉංජිනේරුවන් රට හැර යාමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා ඉහළ වැටුප්වලට චීන ඉංජිනේරුවන් ගෙන ඒමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

ඉහත කී පුරප්පාඩු පිරවීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය දක්වන උදාසීන ප්‍රතිපත්තිය හමුවේ මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයිද එම අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි.

ලාංකිකයකුට 150,000ක වැටුපක් ගෙවනු ලැබුවද චීන ඉංජිනේරුවකුට ලක්ෂ 49ක වැටුපක් ලබා දීමට නියමිතව තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *