ලෝකයේ සියයට 60කගේ රැකියා අවධානම්.

කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් ලෝකයේ සියයට 60කගේ රැකියා සඳහා බලපෑම් ඇති කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.

එහි  කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා වොෂින්ටන් හී දී පැවති සම්මුඛ සාකච්ඡාවක දී මේ බව අනාවරණය කර තිබේ.

කෙසේවෙතත් සංවර්ධනය වෙමින් පවතින රටවලට එම බලපෑම සියයට 40ක් වන බව ඇය පෙන්වා දී ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාවක් උපුටා දක්වමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය තවත් පිරිසකට ප්‍රතිලාභ වර්ධනය කර ගැනීමට ඉවහල් වන බවය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *