වසරක් පාසා බිලියන 7ක් පාඩු ලබන තැපෑල ඩිජිටල් කරයි.

තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කර විදෙස් රටවල් වල මෙන් ඉදිරියට යාමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවත්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (09) තැපැල් මුලස්ථාන පරිශ්‍රෙය් පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීවෙමිනි.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

තැපැල් දෙපාර්තමේන්තුව වර්ෂයකට මිලියන 7000ක් විතර දිගටම පාඩු ලබපු ආයතනයක් වන නමුත් තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලබන පැත්තට හැරවීමට දැන් හැකි වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ වසර අවසානයේ බිලියන 7 පාඩුව බිලියන 4 දක්වා අඩුකර ලබන අවුරුද්දවන විට එය පාඩු නොලබන තත්වයට ගෙන ඒමට අවශ්‍ය සැලසුමත් මේ වන විට සකස් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *