වාහන ගන්න ඉන්න අයට සුබ ආරංචියක් – රජය තවත් තීරණයක් ගනියි.

වාහන ආනයනය කිරීමේදී විද්‍යුත් වාහන (EV) සංඛ්‍යාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

2030 වන විට ඉලක්කවලින් 70%ක් සපුරාලීම සඳහා මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති හෙයින් මෙම තීරණය ගත් බව ඔහු පැවසුවා.

විදුලි වාහන භාවිතය අන්තර්ජාතික ප්‍රවණතාවක් බවට පත්ව ඇත.

ලෝක වෙළඳපොලේ විදුලි වාහනවල මිල ඉහළ මට්ටමක පවතින නමුත් ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා.

ෆොසිල ඉන්ධන වාහනවල සිට විදුළි වාහන දක්වා පරිවර්තනීය වෙනස දැනට නෙදර්ලන්තය වැනි විවිධ රටවල සිදුවෙමින් පවතිනවා.

වත්මන් ආර්ථික කඩාවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට එම ඉලක්කයට ක්‍රමක්‍රමයෙන් ළඟා විය යුතුව තිබෙනවා.

කෙසේ වෙතත්, 2030 වන විට පරිවර්තනීය වෙනස සම්පූර්ණයෙන්ම පිළිගැනීමට ශ්‍රී ලංකාව සැලසුම් කරමින් සිටින බව වෛද්‍ය ජාසිංහ වැඩිදුරටත් සඳහන් කරනවා.

කෙසේවෙතත් විදේශගත ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට ලබාදී ඇති සහනය අත්හිටුවන ලෙස මේ වන විට මුදල් අමාත්‍යංශය නිර්දේශ කර ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *