වාහන වර්ග කිහිපයක ආනයන සීමාවන් ඉවත් කරයි.

වාහන වර්ග කිහිපයක ආනයන සීමාවන් ඉවත් කරයි.

පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මෙම සතියේ බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අවධාරණය කරන්නේ, පොදු ප්‍රවාහණය සඳහා භාවිත කරන ලොරි, ට්‍රක් සහ බස් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් මෙම ගැසට්ටුව හරහා ලිහිල් වන බවයි.

කෙසේවෙතත් සෙසු වාහන ආනයනය කිරීම පිළිබඳ මූල්‍ය විශ්ලේෂකයන් පවසන්නේ, දැනට පවතින විදේශ විනිමය සංචිතවලට සාපේක්ෂව සෙසු වාහන ආනයනය තවදුරටත් ප්‍රමාද වනු ඇති බවය.

වාහන ආනයනය කඩිනම් කිරීම හරහා යළිත් වරක් ඩොලරයේ අගය ඉහළ යා හැකි බව ද ඔවුන් අවධාරණය කරයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *