වැට් බද්දෙන් සාරි උඩයයි.

වැට් බදු සංශෝධනය සමග වෙළෙඳපොළේ සාරි මිල ගණන්ද ඉහළ ගොස් තිබේ. සාරි සඳහා 15% ක වැට් බද්ද අය කරනු ලැබූ අතර, එම බදු ප්‍රතිශතය මේ වනවිට 3%කින් ඉහළ දමා ඇත.

ඒ අනුව, නව වැට් බදු සංශෝධනයද සහිතව රුපියල් 2500 ක සාරියක් සඳහා රුපියල් 450 ක්ද, රුපියල් 6990 ක සාරියක් සඳහා රුපියල් 1260 ක්ද, රුපියල් 12,499 ක සාරියක් සඳහා රුපියල් 2,250 ක්ද වශයෙන් වැට් බදු අය කෙරේ.

වැට් ප්‍රතිශතය ඉහළ යාමත් සමග රුපියල් 2499 ක සාරියක් සඳහා වැට් බද්ද වැඩිවී ඇත්තේ රුපියල් 75 ක් පමණක් බව ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ කේ.කේ.අයි. එරන්ද පැවසුවේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *