Thu. Sep 19th, 2024

ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අද (20) තීරණය කර තිබුණි. 

ඒ අනුව අද සිට විදුලි ගාස්තු සංශෝධනය පහත පරිදි සිදුවෙයි.

ඒකක 0 -30ක් දක්වා ස්ථාවර ගාස්තුව රු.150 සිට රු. 180 දක්වා වැඩිකර තිබේ. එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 12කි.

ඒකක 31 සිට – 60 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 300 සිට රු.360 දක්වා වැඩිවෙයි. එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 30කි. 

ඒකක 61ත් 90 ක් අතර රු. 400 සිට රු.480 දක්වාත්, 91ත් 120ත් අතර රු.1,000 සිට රු.1,180 දක්වාත්, ඒකක 121ත් 180ත් අතර රු.1,500 සිට රු.1,770 සහ ඒකක 180 කට වඩා වැඩි නම් රු. 2,000 සිට රු. 2,360 දක්වාත් ස්ථාවර ගාස්තු වැඩි කර තිබේ.

එහිදී ඒකකයක් සඳහා අය කෙරෙන ගාස්තු පහතින් දැක්වෙයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *