වැරදි ඖෂධය දීලා – තවත් අයෙක් අවසන් ගමනේ.

වැරදි ඖෂධය දීලා – තවත් අයෙක් අවසන් ගමනේ.

ඉංගිරිය ප්‍රදේශයේ පුද්ගලික ඖෂධ හලකින් නිකුත්කළ  ඖෂධයක් පාවිච්චියට ගැනීමෙන් පසු පුද්ගලයෙකු අද  (20) මියගොස් ඇති බව ඉංගිරිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය, ඌරුගල  පදිංචි ඩබ්ලිව්.ලීලාරත්න නම් 65 හැවිරිදි අයෙකි.

මොහුට වෛද්‍යවරයෙකු විසින් කොලෙස්ටෙරෝල් සඳහා නිකුත්කරන ලද ඖෂධ වට්ටෝරුවකට අනුව ඖෂධ නිකුත්කිරීමේදී අදාළ ඖෂධහල විසින් ලබාදී ඇත්තේ පිළිකා සදහා ලබාදෙන ඖෂධ බවත්, ඔහු එම ඖෂධ ලබාගෙන ඇත්තේ මීට  සතියකට පමණ පෙර බවත්  මූලික පරීක්ෂණ වලදී හෙළිව ඇත.

මෙය වැරදි ඖෂධය හේතුවෙන් සිදු වූ මරණයක්ද යනන පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලීසිය කියයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *