වැරදි කරොත් ලයිසන් කැන්සල් – වැඩබලන පොලිස්පති.

විනය ගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් වැරදි අනුව ක්‍රමිකව රියදුරු බලපත්‍රය අහිමි කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02) පස්වරුවේ ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරය වෙත පැමිණි අවස්ථාවේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ මාර්ග රිය අනතුරු විශාල සංඛ්‍යාවක් සිද්ධවන බවත් එය විශාල ගැටලුවක් වන අතර මෙයට ප්‍රධානතම හේතුව මිනිස්සුන්ගේ අපරික්ෂාකාරි රිය පැදවීම බවත්ය.

එම හේතුවෙන් අකුසලතා පදනම මත රියදුරු බලපත්‍ර ලකුණු කැපීම සහ අවලංගු වීමේ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *