වැල්ලම්පිටියේ හදිසි මෙහෙයුමකින් සැකකරුවන් 40ක් අත්අඩංගුවට.

අද (26) අලුයම වැල්ලම්පිටිය, සිංහපුර ප්‍රදේශයේ දී පොලීසිය හා යුද හමුදාව එක් ව සිදු කළ මෙහෙයුමකින් කාන්තාවන් 04 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සිටීම, අපරාධ වැඩි වීම සහ මත්ද්‍රව්‍ය යන කාරණා හේතුවෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර, ඊට පොලිස් නිලධාරින් 138 දෙනෙකු සහ යුද හමුදා නිලධාරින් 200 දෙනෙකු සම්බන්ධ වී ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාස අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී ලලිත් අබේසේකර යන නිලධාරීන් ගේ උපදෙස් මත මෙහෙයුම ක්‍රියාත්මක කළ බව වාර්තා වේ.

මෙහෙයුම යටතේ, ගෙවල් 61ක් සහ පුද්ගලයන් 196ක් පරීක්ෂා කර ඇති බව සඳහන්ය.

එහි දී හෙරොයින්, අයිස්, නීති විරෝධී මත්පැන්, කඩු, මන්න, තහනම් පිහි සහ ජංගම දුරකථන 12ක් සොයාගෙන තිබේ.

මෙහෙයුමෙන් සැකකරුවන් ද 40 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *