විජයදාස ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

විජයදාස ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

විජයදාස රාජපක්ෂ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කිරීමට මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මෙලෙස පැවසීය,

“කැබිනට් මණ්ඩලයේ තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කරන කිසිවෙකුත් තවම ඉදිරිපත් වී නෑ. අපි දෙන්නම ආගන්තුක පක්ෂවලින් තරග කරන්නේ. මම කල්පනා කළා ජනාධිපතිතුමා මේ ගැන මගෙන් මතය ඇහුවා. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මෙම අමාත්‍ය ධුරයෙන් සමුගන්න තීරණය කළා. ඒ බව මම දැනුම්දී තිබෙනවා. අමාත්‍ය ධුර භාරගැනීම, නෙරපීම, ඉවත්වීම මට සාමාන්‍ය දෙයක්. මීට පෙර 6 වතාවක් මට පිරිනැමපු අමාත්‍ය ධුර මම භාරගෙන නෑ.”

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *