විදුලි ගාස්තු අඩු කිරීමට තීරණය කරයි.

විදුලි ගාස්තු 50%කින් පමණ මේ මාසය තුළ දී යළි අඩු කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පවසයි.

ඔහු පැවසුවේ විදුලිබල මණ්ඩලයේ එම යෝජනාව එළඹෙන 12 හෝ 13 වන දිනවලදී මහජන උපයෝගිතා කොමිසමට භාරදීමට නියමිත බවයි.

ඒ අනුව එම කොමිසම හරහා අදාළ ඉදිරි කටයුතු සිදු කරනු ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත වැඩිදුරටත් පැවසීය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *