විදුලි බිල සංශෝධනයක්.

ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුකරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව විදුලි බිල සංශෝධනයේදී වැඩිකළ ගාස්තු ප්‍රමාණය අඩුකළ හැකි බව විදුලිබල මණ්ඩලය අමාත්‍යාංශය වෙත දැනුම්දී ඇති බව වාර්තාවෙයි. 

වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවතීම හේතුවෙන් උපරිම ධාරිතාවයෙන් ජල විදුලිබලාගාර ක්‍රියාත්මක වීම නිසා මෙම තීරණය ගෙන ඇති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *