විශ්වවිද්‍යාලයක් උණුසුම් වෙයි. සරසවි සිසුවියක් සැකසහිත ලෙස අවසන් ගමනේ.

විශ්වවිද්‍යාලයක් උණුසුම් වෙයි. සරසවි සිසුවියක් සැකසහිත ලෙස අවසන් ගමනේ.

සැකසහිත ලෙස මියගිය 22 හැවිරිදි සරසවි සිසුවියකගේ මළසිරුරක් හමුවී තිබේ.

ඇය නවාතැන් ගෙන සිටි නවාතැන්පොලේ කාමරයක් තුළ තිබී ඊයේ (03) පස්වරුවේ සිරුර සොයාගෙන ඇත.

අප වාර්තාකරු සඳහන් කළේ ඇය යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලද සිසුවියක් බවය.

පොලීසිය පැවසුවේ ඇය නවාතැන් ගෙන ඇත්තේ යාපනය, කලඩ්ඩිප් ප්‍රදේශයේ බවත් ඇය මන්නාරම ප්‍රදේශයේ ස්ථීර පදිංචිකාරිනියක් බවත්ය.

ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් බිඳවැටීම හේතුවෙන් එම තරුණිය සියදිවි නසාගෙන ඇති බවට ආරංචියක් පැතිර යන බවය.

මියගිය සිසුවියගේ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *