වී තොග ඇත්තේ මාසයකටත් අඩු කාලයකට.

වී තොග ඇත්තේ මාසයකටත් අඩු කාලයකට.

වී අලෙවි මණ්ඩලය සතුව වී තොග ඇත්තේ මාසයකටත් අඩු කාලයකට පමණක් බව වී අලෙවි මණ්ඩලය පවසයි.

එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ, වී කිලෝ ලක්ෂ 45 ක් වැනි ප්‍රමාණයක් දැනට වී අලෙවි මණ්ඩලය සතුව පවතින බවයි.

වී නොලැබීම හේතුවෙන් වසා ඇති හම්බන්තොට වී ගබඩා, ගොවි සංවිධානවලින් ඉල්ලීමක් ලැබුණොත් විවෘත කිරීමට සලකා බලන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට හෙට (18) දින අමාත්‍ය මහින්ද අමරවීර සාකච්ඡාවක් කැඳවා ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ පැවසීය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *