වෛද්‍යවරු රට හැරයාම පාලනයෙන් ගිලිහෙයි – එංගලන්තයේ වැටුප ලක්ෂ 30යි.

වෛද්‍යවරු රට හැර යාම මේ වන විටත් තමන්ගේ පාලනයෙන් ගිලිහී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසති.

අධික බදු බර, අඩු වැටුප් සහ දැරිය නොහැකි ජීවන වියදම, මෙසේ වෛද්‍යවරු රට අතහැර යාමට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබේ.

විශේෂෂඥ වෛද්‍යවරයෙකු සදහා ශ්‍රී ලංකා රජය රුපියල් ලක්ෂ දෙකක (බදු සහ සියළු අයකිරීම් අඩු කළ පසු) පමණ වැටුපක් ගෙවද්දී, එක්සත් රාජධානිය, රුපියල් ලක්ෂ තිස් තුනකට වඩා වැටුපක් ගෙවනු ලබයි. ඊට අමතරව, නවාතැන් පහසුකම්ද ලබා දෙන බව වාර්තා වේ.

මෙරට තුළ පවතින ආර්ථික අර්බුදය වාසියකට ගෙනර, වෛද්‍යවරු ඔවුන්ගේ රටවලට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක්, එක්සත් රාජධානිය සහ සිංගප්පූරුව වැනි රටවල් ක්‍රියාත්මක කර තිබෙන බවද පැවසේ.

පසුගිය වසරේ සිට මේ දක්වා, විශේෂඥ වෛද්‍යවරු 274 දෙනෙකු, සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කොට, විදෙස්ගතව තිබේ. ඊට අමතරව, තවත් අමාත්‍යංශයේ අවසරයක් නොමැතිව රට හැර ගොස් තිබෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 16-0 කි. පුහුණුව සදහා විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින විශේෂඥ වෛද්‍යවරුන් ගණන 785ක් වන අතර, මේ වසර අවසන්වනවිට, තවත් විශේෂඥ වෛද්‍යවරු 600 ක් විශ්‍රාම යාමට නියමිත ය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *