ශ්‍රී ලංකා පිලට ඊළග වටයට යන්න සියුම් අවස්ථාවක්.

0
72

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාවක් ඇත්දැයි ගැඹුරින් සලකා බලා තිබේ.

ඒ අනුව ඉතාම සියුම් අවස්ථාවක් පමණක් ඒ සඳහා ඇති බව ඔවුන් නිරීක්ෂණය කර ඇත.

ඒ සදහා ඉතිරිව ඇති තරග දෙකම ශ්‍රී ලංකාව ඉතා ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමත් එම තරගවලදී ප්‍රතිවාදීන් ඉතාම අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමත් අනිවාර්ය වෙයි.

එමෙන්ම නවසීලන්ත කණ්ඩායම ඉදිරි තරග දෙකම පරාජයට පත් විය යුතුයි.

ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින අනෙක් රටවල් ද ප්‍රසාද ලකුණු අටක් සම්පූර්ණ කිරීමට හැකි වුවත් දළ ලකුණු ලබාගැනීමේ වේගය පහළ මට්ටමක පැවතුන හොත් පමණක් ශ්‍රී ලංකාවට එම අවස්ථාව හිමිවන බව ඔවුන් සාකච්ඡා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here