සංස්ථා මිලට වඩාරු.3ක් අඩුවෙන් තෙල් දෙන්න සිනොපෙක් ඉල්ලයි – තෙල් සංස්ථාව නිහඬයි.

සංස්ථා මිලට වඩාරු.3ක් අඩුවෙන් තෙල් දෙන්න සිනොපෙක් ඉල්ලයි – තෙල් සංස්ථාව නිහඬයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට වඩා සෑම වර්ගයකම ඉන්ධන ලීටරයක් රුපියල් තුනක් අඩුවෙන් අළෙවි කිරීමට ‘සිනොපෙක්’ සමාගම තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීමට තවමත් සංස්ථාව පාර්ශ්වයෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

එමෙන්ම ආරංචි මාර්ගවලින් වාර්තා වෙන්නේ සිනොපෙක්’ සමාගමට මේ වන විට මෙරට ඉන්ධන පිරවුම්හල් 130 ක් පවරා ඇති බව ය.

ගිවිසුමට අදාළව තවත් ඉන්ධන පිරවුම්හල් 20ක් සිනොපෙක්’ සමාගමට ලබාදීමට ආණ්ඩුව එකඟ වී ඇත. නමුත් තවමත් එම පිරවුම්හල් 20 සමඟ ආණ්ඩුව ගිවිසුම් ගත වී නොමැත.

මේ වන විට සිනොපෙක් සමාගම පළමු ඉන්ධන තොග ලෙස ඉන්ධන මෙට්‍රික් ටොන් හතළිස් දෙදහසක් මෙම මස මුල දී ආනයනය කර ඇත.

කෙසේ වෙතත් ආරංචි මාර්ගවලට අනුව වාර්තා වෙන්නේ මෙම ගැටළු සහගත තත්ත්වය සමනය කරගනිමින් සිනොපෙක් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන බෙදීම ආරම්භ කිරීමට තවත් සති දෙකක් පමණ ගත වනු ඇති බවය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *