සචිත්‍ර සේනානායක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට.

0
58

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක කටහඬ පරීක්ෂණයක් සඳහා අද (13) පෙරවරු 10.00ට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

මෙරට පැවති පළමු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් දෙදෙනෙකුට දුරකථන ඇමතුම් ලබා දී ඔවුන් තරග පාවා දීම සඳහා පොළඹවා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට චෝදනා එල්ල වී ඇත.

මේ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනුණු අතර, රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය නියෝග කර තිබිණි.

තරග පාවා දීමේ සිද්ධියට අදාළ හඬපට තම දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවත් එම හඬපට සැකකරුගේ කටහඬ හා ගැළපෙන්නේ ද යන්න පිළිබඳ තහවුරු කරගැනීම සඳහා ඔහු රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දක්වා තිබිණි.

ඒ අනුව ඉකුත් නඩු වාරයේ දී අධිකරණය මඟින් නිකුත් කළ නියෝගයකට අනුව සචිත්‍ර සේනානායක ව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ඔහු මෙම මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here