සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවයි

ඊයේ (21) දින සභාවේ සිදුවු විනය විරෝධී ක්‍රියාව බරපතළ ලෙස තමා හෙළා දකින බව කථානායකවරයා පවසයි.

එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට ද කථානායකවරයා මෙහිදී නියෝග කළේය.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146 හි විධිවිධාන ප්‍රකාරව තමා වෙත පැවරී ඇති බලතල අනුව එම තීරණය ගත් බවත් එය අද (22) දින සිට ක්‍රියාත්මක බවත් කථානායකවරයා පැවසීය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *