Thu. Sep 19th, 2024

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේදී දැනට පවතින සියයට හතළිහක දීපව්‍යාප්ත කුසලතා පදනම මෙම වසරේ උසස් පෙළ පන්තිවලට ඇතුළත් වූ සිසුන්ගේ සිට සියයට පනහ දක්වා වැඩි කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. 

මෙම වසරේ උසස් පෙළ පන්තිවලට ඇතුළත් වූ සිසුන් විශ්වවිද්‍යාවලට ඇතුළත් කෙරෙන්නේ 2025 වසරේදීය. සියයට පනහ දක්වා වැඩි කිරීමට යෝජනා කෙරුණේ මෙම වසරේ අයවැය යෝජනාවලියෙනි.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කරමින් පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුව) පසුගියදා දැනුම් දුන්නේය. නව තීරණයට අනුව දැනට සියයට පනස් පහක් වන දිස්ත්‍රික් කුසලතා පදනම මත බඳවා ගැනීම සියයට හතළිස් පහක් දක්වා අඩු කෙරේ. දුෂ්කර දිස්ත්‍රික්ක දහසය සඳහා ලබා දෙන සියයට පහක ප්‍රතිශතය වෙනස් නොවේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *