සීනි මිල ඉහළ ගිහින්

0
71

අනායනික සීනි බදු ඉහළ දැමීමත් සමඟ වෙළදපොළේ මේ වනවිට සීනි මිල ඉහළ ගොස් ඇති ඇති බව පාරිභෝගික ජනතාව චෝදනා කරයි.

ආනයනික සීනි කිලෝවක් සඳහා ශත 25ක්ව පැවති බද්ද ඊයේ(02) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය කටයුතු කළේය.

එම බදු සංශෝධනයත් සමග අද (02) උදෑසන වන විට වෙළදපොළේ සීනි මිල රුපියල් 300 ඉක්මවා අලෙවි වන බව අනාවරණ වුණි.

රජය සතු ලංකා සතොස අලෙවිසැල්වල පවා සීනි කිලෝවක මිල අද(03) උදෑසන වනවිට ඉහළ දමා තිබූ අතර ඇසුරුම් කළ සීනී කිලෝ ග්‍රෑමයක පැකැට්ටුවක මිල දැක්වුනේ රුපියල් 350 ක් ලෙසයි.

සිල්ලර වශයෙන් සීනී කිලෝවක් අලෙවි කරන්නේ රුපියල් 320ක මිලකටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here