Wed. Jul 24th, 2024

ඓතිහාසික කැබිලිත්ත දේවාලය වැද පුදා ගැනීමට යන බැතිමතුන් විශාල මුදලක් වැය කර රැගෙන යන බුද්ධ ප්‍රතිමා දේව ප්‍රතිමා දේව ආභරණ නිසා අවට පරිසරය විශාල ලෙස හානියකට ලක්කර දැඩි පාරිසරික හානියකට ලක්කෙට ඇතැයි පරිසර වේදීහු කියති.

විවිද බාර හාර සඳහා රැගෙන ආ බුදු පිළිම දේවල පිළිම සතුන් පෙරලා දම තැන තන ගොඩ ගැසී තිබීම මෙම භූමියේ අලංකාරයට බලවත් පහරක් බව කියති.

බඩු භාණ්ඩ නොව ප්‍රතිපත්ති ගරුකව මෙම භූමියට පැමිණි ආගම සිහිකර දෙව්යන්ට පින් දී යනවා නම් එහි ප්‍රතිපළ ළඟකර ගත හැකි බව ද පාලනාධිකාරිය කියයි.

යාල ජාතික වන උද්‍යානයේ අංක 02 කළාපයේ පිහිටා ඇති මෙම කැබිලිත්ත පුදබිම මහා වනයෙන් වට වු ගොඩනැගිලි වලින් තෙරවු හුදකලා ප්‍රදේශයකි.

අතීතයේ විජාතික බළවේග හමුවේ කතරගම දේවාලයේ පවතී දෙවියන්ට අයත් වස්තු සුරක්ෂිතව රැක ගැනීමට මෙම ප්‍රදේශයේ තැම්පත් කිරිමට අතිතයේ සිටි කපුමහතුන් ( කැබිලිත්ත රාළ) ක්‍රියා කළ ස්ථානය වීමත් කදකුමරුන් භාවනා යෝගීව වැඩ සිටින ස්ථානය ලෙස ද බැතිමතුන් විශ්වාස කරති.

මෙම ස්ථානය පිළිබඳව දැඩි විශ්වාසයක් මුල් කර ගෙන දේශපාලඥයන් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස් මෙම පුදබිම වන්දනා කීරිම පිණිස විශාල මුදලක් වැය කර යමින් සිටිති.

අතීතයේ ගොවි ජනයා තම හේන්වල අස්වැන්න නෙලා ගෙන නොයිදුල් බව බෝග ආහාර ලෙස සකසා ලී දඩුවලින් තැනු මැස්සක මෙම දේව පුජාව සකස් කිරිමට සිදු කර පරිසරයට හානි නෙවන ලෙස මෙම පුදබිම ආරක්ෂා කරගෙන තිබුණි.

වර්තමානයේ මෙම ස්ථානය වෙත පැමිණෙන පිරිස්  යකඩ පිත්තලවැනි දේවල්වලින් තැනු ආසන සහ වැටවල් ඉදිකර පරිසරයට හානි කරමින් පවතී .

මෙයට අමතරව මුදල් වැය කර දේව ප්‍රතිමා බුද්ධ ප්‍රතිමා විශාල ලෙස මෙම ස්ථානය වෙත රැගෙන එන අතර එම වටිනා ප්‍රතිමා වදුරන් වන අලින්  බිම දමා කඩා විනාශ කිරීම මත බුදුන් ⁣මෙන්ම දෙවියන් හට දැඩි ගෞරවයක් වන ලෙස ද මහා වනයට දැඩි පාරිසරික හානි යක් වන ලෙස තැනින් තැන විසුරුවා හැර ඇති අයුරු දිස්වෙයි .

වන ජිවි දෙපාර්තමේන්තුවට අයත් මෙම භුමිය තුලට එන පිරිස සදහා නීති පද්ධතියක් සකස් කර පුජා කටයුතු පමණක් සිදු කර රැගෙන එන ද්‍රව්‍ය නැවත රැගෙන යෑමට කටයුතු කළ යුතු වුවත් එ වැන්නක් මේ දක්වා සිදු නෙවේ.

යුධ හමුදා අණූඛණ්ඩයක් ද මෙම ස්ථානය සුරැකීමට පිහිටා ඇති අතර පැමිණෙන විවිධ පුද්ගලයන් විසින් සිදු කරන පරිසරක හානි වලකාලීමට ⁣දැඩි කැපවිමක් සිදු කිරිමට සිදුව ඇතැයි හමුදා නිළධාරින් සදහන් කරති .

මෙයට අමතරව මෙහි වන අලින් මෙන්ම නිතර වලසුන් දිවියන් පලතුරු කෑමට හුරු වී සිටින අතර මෙම පුදබිමට පැමිණෙන පිරිස් විසින් ඉතා අනාරක්ෂිත ලෙස මෙම සතුන් සදහා පළතුරු ලබා දිමට හුරැව සිටිති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිණවරාම විහාරාධිපති ශ්‍රස්ත්‍රපති කපු සරණතිස්ස හිමියන් දැක් වු අදහස් දක්වමින් මෙස් පැවැසූහ. අද කැබිලිත්ත පුදබිමට ගිය විට අපිට සිහිපත් වන්නේ කැබිතිගොල්ලෑව මහා සංඝයා ත්‍රස්තවාදී  ඝාතනය කරපු දර්ශනය.

දෙවියන් ගේ ප්‍රතිමාවල අත් පා කැඩි ගස් යට ගස් උඩ සැබැවින්ම හිත සකල කරවන අයුරින් දැඩි කම්පනයක් ගෙන දෙන මෙම අපරාධය නොකරන ලෙස අපි මේ පුදබිමට එන අයගෙන් ඉල්ලා සිටිනවා

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *