හෙට පෙන්ෂන් යන ලංවිම ඉංජිනේරුවරියට අද ප්‍රමෝෂන් දෙයි.

හෙට පෙන්ෂන් යන ලංවිම ඉංජිනේරුවරියට අද ප්‍රමෝෂන් දෙයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විශ්‍රාම යෑමට එක් දිනක් තිබිය දී එහි නිලධාරිනියකට ඉහළ තනතුරක් ලබාදී ඇතැයි වාර්තා වේ.

එම නිලධාරිනිය අතිරේක සාමාන්‍යාධිකාරි ධුරයට ඉකුත් 14 වැනිදා පත්කර ඇති අතර, ඇය ඊට පසු දින (15) විශ්‍රාම ගොස් ඇතැයි පැවසේ.

එම නිලධාරිනියට ඉහළ තනතුරක් ලබා දී ඇත්තේ ලංවිම ඉංජිනේරු සංගමයේ දැඩි බලපෑම මතය.

එම නිලධාරිනිය අතිරේක සාමාන්‍යාධිකාරි ධුරයට පත් කරන ලෙස ඉල්ලමින් ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා ලංවිම සභාපතිවරයාට ලිපියක් ද යවා ඇත.

මෙම නිලධාරිනිය පත්වීම ලැබූ දිනට පසු දින විශ්‍රාම ගොස් ඇත්තේ නව තනතුරට හිමි සියලුම වරප්‍රසාද ලබා ගනිමිනි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *