හෙදියක් ළදරුවන් හත් දෙනෙකුට කල අහස පොලොව නුහුලන අප#රාධය.

හෙදියක් ළදරුවන් හත් දෙනෙකුට කල අහස පොලොව නුහුලන අප#රාධය.

නව ජන්ම ඒකකයක ළදරුවන් හත් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ හෙද නිලධාරිනියක වැරදිකාරිය වී තිබේ.

රෝහලේ දී නොමේරූ ළදරුවන්ගේ මරණ විශාල ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් Cheshire Police විසින් සිදු කළ වසර දෙකක විමර්ශනයකින් පසුව මෙසේ ඇය වැරදිකාරිය වී ඇති බවයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඇය වර්තමානයේ එක්සත් රාජධානියේ ළමා මරණ කිහිපයක් අඛණ්ඩව සිදු කළ ඝාතකයා ලෙසයි.

මෙසේ වැරදිකාරිය වී ඇත්තේ ලුසී ලෙට්බි යන වයස අවුරුදු 33ක කාන්තාවකි.

අදාළ හෙදිය හිතාමතාම ළදරුවන්ට එන්නත් කර, බලහත්කාරයෙන් අන් අයගේ කිරි පොවා ඇති අතර ළදරුවන් දෙදෙනෙකුට ඉන්සියුලින් එන්නත් කර ඇති බවයි වාර්තා වේ.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පවසන්නේ මේ සමබන්ධයෙන් නඩු විභාගය මාස 10 කට වැඩි කාලයක් පැවති අතර එය එක්සත් රාජධානියේ දීර්ඝතම මිනීමැරුම් නඩු විභාගය බවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *