හෝමාගමින් ඇසෙන අහස පොළව නුහුලණ කතාවක්. පාපතර පෙම්වතා අත්අඩංගුවට.

0
70

හෝමාගම දී තරුණියකගේ ගෙලකපා ඝාතනය කළ බව කියන අයකු එම ප්‍රදේශයෙන් පලාවිත් රෝගී තත්ත්වයක් බව පවසමින් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත්ව සිටී‍යදී අද අළුයම සැකපිට අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල, ඇන්ඩර්න් පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයක්.

හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටී අචිනි තුෂාරි නමැති 22 හැව්රිදි තරුණියක අද අළුයම හෝමාගම උසාවිය පාරේදී ගෙලකපා ඝාතනය කර ඇති බව වාර්තා වන බව කළුතර උසස් පොලිස් නිළධාරීයෙක් සදහන් කළා.

ප්‍රේම සම්බන්දයෙන් මුල්කර ගනිමින් මෙම ඝාතනය සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී තහවුරු වී තිබෙනවා.

සැකකරු අද අළුයම කළුතර නාගොඩ රෝහලට ඇතුලත්ව ඇති බවත් ඔහුගේ කමිස සාක්කුවේ ලේ පැල්ලමක් දක්නට ලැබීමෙන් පසු වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here