Sun. Sep 8th, 2024

SINOPEC සමාගම සැප්තැම්බර් 20 දින සිට සිය සන්නාමය යටතේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරනු ලබනු ඇති බවත්, අද උදෑසන වන විට බෙදුම්කරුවන් 109 දෙනෙකු සිය සමාගම සමඟ ගිවිසුම්ගත වී අවසන් බව පැවසූ බවත්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව අනාවරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා,

“SINOPEC ආයතනය දන්වලා තියෙනවා, අද උදෑසන වන විට ඔවුන්ගේ තියෙන බෙදුම්කරුවන් 150 න් 109 ක් එක්ක ගිවිසුම්ගත වෙලා අවසන් කියලා. අද හවස අවසන් වෙන කොට මම හිතනවා 115ක් විතර වෙයා. ලබන සතිය වෙනකොට 150 ම අවසන් කරන්න තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ.“

“ඔවුන් අපිට දැනට දැනුවත් කරලා තියෙනවා, සැප්තැම්බර් 20 ඔවුන් සියලුම බෙදුම්කරුවන් එක්ක ඔවුන්ගේ සන්නාමය යටතේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න තමයි දින වකවානු වෙන්කරගෙන තියෙන්නේ කියලා.“

මීට පෙර සිනොපෙක් සමගාම පවතින මිලට වඩා රුපියල් 3ක් අඩුවෙන් ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් අවසර ඉල්ලා තිබූ අතර ඒ සදහා ප්‍රතිචාරයක් නොලැබුණු බව පසුගියදා අරුණ පුවත්පත වාර්තා කරනු ලැබීය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *