අද සිට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ගන්න අවස්ථාව.

අද (07) සිට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව ජනතාවට පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් අවධාරණය කර ඇත.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, බස්නාහිර පළාතේ ජනතාවට හැර සෙසු සියලු පළාත්වල ජනතාවට එම පහසුකම ලබාගත හැකි බවයි.

ලබන වසරේ මාර්තු 31 වැනිදා සිට සෑම රාජ්‍ය ආයතනයකම ගෙවීමේ කටයුතු මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *