අනියම් සම්බන්ධතා නිසා සිදුවන පවුල් ආරවුල් සංඛ්‍යාව ඉහලට යයි.

0
119

අනියම් සම්බන්ධතා නිසා සිදුවන පවුල් ආරවුල් සම්බන්ද පැමිණිලි 9636ක් ඉකුත් වර්ෂයේදී (2022) වාර්තා වී ඇති බැව් ශ්‍රි ලංකා පොලිසිය විසින් 2022 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති සිය වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ සදහන් වෙනවා.

2021 වර්ෂයේ දි අනියම් සම්බන්දතා නිසා ආරවුල් 9250ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව 2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේදී අනියම් සම්බන්දතා නිසා සිදුවන පවුල් ආරවුල් සංඛ්‍යාව 4%කින් ඉහල ගොස් ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම 2022 වර්ෂයේදී පවුල් ආරවුල් සම්බන්ධයෙන් විවිධ පැමිණිලි 111709ක් වාර්තා වී තිබෙනවා.

එය 2021 වර්ෂයට සාපේක්ෂව 06%ක ඉහල යාමක් බැව් මෙකි වාර්තාවේ සදහන්.

2021 වර්ෂයේ දි පවුල් ආරවුල් සම්බන්ධයෙන් විවිධ පැමිණිලි 105469ක් වාර්තා වි තිබුණා.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් වන පවුල් ආරවුල් සම්බන්ධයෙන් වන පැමිණිලිද 2021 හා 2022 යන වර්ෂ දෙක තුලම ඉහළ ගොස් තිබෙනවා.

2022 වර්ෂයේ දී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් වන පවුල් ආරවුල් සම්බන්ධයෙන් පැමිණිලි 22358ක් වාර්තා වි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here