අපනයන තහනම දිගටම ලොකු ලූනු මිල ඉස්සෙන හැඩ.

0
80

ඉන්දියාව ලොකු ලූනු අපනයනය සඳහා වූ තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කිරීම හරහා මෙරට ලොකුලූනු මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

ඉන්දියාව විසින් දෙසැම්බර් මාසයේදී පනවන ලද මෙම තහනම අවසන් වීමට නියමිතව තිබුණේ ලබන 31 වැනිදායින්ය.

මෙරට වාර්ෂික ලොකුලූනු පරිභෝජනය මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස්දහසක් පමණ වන අතර ඉන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙනි.

ඉන්දියාව විසින් පනවන ලද මෙම තහනමත් සමග බොහෝ රටවල ලොකුලූනු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර දැනටමත් මෙරට වෙළෙඳපොලේ ලොකුලූනු කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 600ත් 700ත් අතර මිලකට වේ.

කෙසේ වෙතත් වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු පසුගියදා ප්‍රකාශ කළේ එළැඹෙන උත්සව සමයේදී ලොකුලූනු කිලෝවක් රුපියල් 375ත් 400 අතර මිලකට පාරිභෝගිකයාට ලබා ගත හැකි වන ලෙස කටයුතු කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here