Mon. Sep 16th, 2024

පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඩෙංගු ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවත් ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න පවසයි.

අධික වර්ෂාව පහව යනවිට බොහෝ ස්ථානවල වැසි ජලය එක්රැස් වී ඩෙංගු මදුරුවන් බෝවන අතර එසේ වුවහොත් ඉදිරියේදී එය වසංගත තත්ත්වයක් බවට පත්විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කර සිටියි.

විශේෂයෙන් මේ දිනවල දින තුනකට වඩා උණ රෝගය පවතින්නේ නම් රුධිර පරික්ෂාවක් සිදු කර ගැනීම වැදගත් බවද වෛද්‍යවරු පෙන්වා දෙති.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 38 ක් වාර්තා වෙයි. 

මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස දොළහක් ඩෙංගු අධි වසංගත කලාප ලෙස නම්කර ඇති අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් හැටහතරදහස් පන්සිය පහළොවක් වාර්තා වී ඇත.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව දහතුන් දහස් පන්සිය පනස් එකකි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් දහතුන් දහස් තුන්සිය හැත්තෑපස් දෙනෙකු වාර්තා වී ඇත. කෙසේ වුවද මේ වනවිට ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ඩෙංගු මර්දන වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති බව එහි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *