අයිෆල් කුලුනේ ලෝහ වලින් ඔලිම්පික් පදක්කම්.

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පිරිනැමෙන පදක්කම් ඊයේ (08) එළිදැක්විය.

මෙවර පැරිස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් පදක්කම් 5,000කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රංශයේ සුප්‍රසිද්ධ අයිෆල් කුලුන ප්‍රතිසංස්කරණයේදී ඉවත දැමූ ලෝහ යොදාගනිමින් මෙම පදක්කම් නිර්මාණය කර තිබීම මෙවර විශේෂත්වයකි.

මෙලෙස පදක්කම් නිර්මාණය සඳහා යොදාගත් අයිෆල් කුලුනෙන් ඉවත දැමූ ලෝහ වසර ගණනාවක් ඉතා රහසිගතව ගබඩාකර තිබූ ඒවා බව එහි නිර්මාණකරුවන් පවසා ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *