අලුතින්ම තැනූ ජනපති මන්දිරය බදු දෙයි.

2010-2015 පැවැති පාලන සමයේ ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට රජය තීරණය කර ඇත.

මෙම තීරණයට එළැඹ ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදීයි.

කන්කසන්තුරේ පිහිටි මෙම මන්දිර පරිශ්‍රයට අක්කර 29 ක භූමියක් අයත් වන අතර ඉන් අක්කර 12ක ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර ඇත. ඉතිරි අක්කර 17ක භූමි ප්‍රමාණය ප්‍රදේශයේ ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉඩම් වන අතර රජයට අයත් අක්කර 12 ක ප්‍රමාණය මුලින් SLIIT ආයතනයට බදු දීමට තීරණය කර තිබෙනවා.

මෙහි ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 95 කට ආසන්න මුදලක් වැය කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනතාවගෙන් පවරා ගනු ලැබූ අක්කර 17ක භූමි ප්‍රදේශය ද එම ජනතාවට ආදායමක් ලැබෙන පදනමක් මත SLIIT ආයතනයට බදු පදනමට ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

දැනට මෙම ඉඩම නාවික හමුදා භාරයේ පවතින අතර අදාළ බදු ගිවිසුම අත්සන් කළ පසුව එම පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය වෙත මුදා හැරීමට නියමිතයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *