ආනයනික බිත්තර මිලියන 8ක් සතොසට.

0
92

තවත් ආනයනික බිත්තර මිලියන 8ක් සතොස වෙළෙඳසැල් වෙත නිකුත් කිරීම ආරම්භ කළ බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එම බිත්තර සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බව එහි සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේය.

ඒ අනුව එම බිත්තර අද (28) සිට සතොස වෙළෙඳසැල් හරහා පාරිභෝගිකයන්ට ලබා ගත හැකි බවත් සභාපතිවරයා පැවසුවේ ය.

උත්සව සමයේ පැවති ඉහළ ඉල්ලුම හේතුවෙන් බොහෝ වෙළෙඳසැල්වල බිත්තර තොග අවසන් වී ඇති අතර දිනකට බිත්තර මිලියනය බැගින් දිවයිනට ආනයනය කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here