ආබාධිත පුද්ගලයින්ට දීමනාවක්.

රැක බලාගැනීමේ ආයතනවල සිටින ආබාධිත පුද්ගලයින් සඳහා ජනවාරි මස සිට රුපියල් 2000 ක මාසික දීමනාව ගෙවීමට රජය තීරණය කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ, එම මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ගෙවීමට තීරණය කර ඇති බවයි.

මෙතෙක් ප්‍රතිලාභ ලැබූ ආයතන ගත පුද්ගලයින් 16,146 ක් වෙත එනම් පිරිවෙන්වල වැඩ සිටින හිමිවරුන්, ළමා නිවාස, වැඩිහිටි නිවාස, රැක බලාගැනීමේ නිවාසවල සිටින අබාධිත පුද්ගලයින් සඳහා එම මුදල් ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *