Fri. Oct 18th, 2024

2024 වසර සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම හා පෞද්ගලික ආරක්‍ෂක නියෝඡ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ගිනිඅවි බලපත්‍රහිමියන්ට 2023 ඔක්තෝබර් මස 1 වනදා සිට 2023 දෙසැම්බර් 31 වනදා දක්වා බලපත්‍ර අලුත් කිරීමට කල් ලබාදී ඇත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු හා අයදුම්පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශ www.defence.lk වෙබ් අඩවියෙන් භාගත කරගත හැක.

2023 දෙසැම්බර් මස 31 දිනෙන් පසු 2024 වර්ෂය වෙනුවෙන් ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමක් සිදුනොකරන බවට හා තුවක්කු ආඥා පනතේ 22 වන වගන්තියේ විධිවිධාන අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද ආරක්ෂ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

2024/2025 වර්ෂ සඳහා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම 2023.10.01 සිට 2023.12.31 දක්වා සිදුකෙරෙන අතර, ඉන්පසු සිදුකරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු අයකිරීම හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *