ඉන්ධන මිල වෙනස්වෙයි.

0
115

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සමාගම සිය ඉන්ධන මිල ගණන් වෙනස් කර තිබේ.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 348කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 375කි.

මේ අතර ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 306කි.

ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගය ලීටරයක් රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 358කි.

මේ අතර ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 226කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here