උත්සව සමයේ ගෑස් මිල ගැන, ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්..!

ජාත්‍යන්තර මිල උච්චාවනයන් සහ ඩොලරයේ විනිමය අනුපාතය සලකා බැලීමේදී දේශීය LP ගෑස් මිල ඉහළ දැමීම සිදු කල යුතු වුව ද, ඉදිරියේ ඇති උත්සව සමය සලකා බලා මෙම මස LP ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ලිටෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා සිටිනවා.

එනම් මෙම මාසයේ දී 12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල රු. 3,565/= ක් ලෙස (මිල ගණන් – කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) නොවෙනස්ව පවත්වා ගෙන යාමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *