එක දවසට පිළිකා රෝගීන් 80ක් – පිළිකාව රටටම වසංගතයක්.

0
127

ලංකාව තුළ දිනකට අලුතින් පිළිකා රෝගීන් 80ක් වාර්තාව වන බව කරන ලද සමීක්ෂණයන්යක් වාර්ත වී ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය සේනක ගමගේ සඳහන් කරයි.

මේ වන විට ලංකාවේ බෝ නොවන රෝගවලින් සිදුවන මරණවලට දෙවන ප්‍රධාන හේතුව පිළිකාව බවට පත් ඇති අතර දැනට පළමු ස්ථානය ගන්නා හෘද රෝග අබිබවා පිළිකාව පැමිණිය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා ඇතැයිද හෙතෙම හෙළිදරවු කරයි.

පසුගිය වසරේදී අලුතින් පිළිකා රෝගීන් 20,000ක් හදුනාගත හැකිවූ අතර, මේ වසර අවසානයේදී එය තවත් සැලකිය යුතු ගණනකින් ඉහළ යා හැකි වනු ඇතැයිද වෛද්‍ය ගමගේ පවසයි

පිරිමින් අතර මුඛ පිළිකාව ප්‍රධාන වන නමුත් කාන්තවාන් අතර, ප්‍රධාන වනුයේ පියයූරු පිළිකාව බව පිළිකා මර්දන වැඩසටහන තහවුරු කර ඇත.

වර්ණකාරක හා රසකාරක ආහාර මෙන්ම ජාන වෙනස්කළ ආහාර නිතර නිතර පරිභෝජනය කිරීම මෙන්ම මානසික ආතතියද පිළිකා රෝගයට හේතුවක් වී ඇතැයිද වි වෛද්‍ය ගමගේ අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here