එච් අයි වී ආසාදිතයින් වාර්තාගත ලෙසින් ඉහළ යයි.

0
65

2021 වසරට සාපේක්ෂව ගතවූ වසරේදී එච් අයි වී ආසාදිතයින් සියයට 48ක් දක්වා වර්ධනය වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

වයස අවුරුදු 15ත් 49ත් අතර කාණ්ඩයට එච් අයි වී ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට මෙරට සිටින සමස්ත එච් අයි වී ආසාදිතයින් සංඛ්‍යාව 4,100 කි.

එමෙන්ම මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති එච් අයි වී ආසාදිතයින් සංඛ්‍යාව 347කි.

කාන්තාවන්ට එචි අයි වී ආසාදනය වීමේ අවදානම පහළ මට්ටමක පවතින අතර පුරුෂයින් සමග අනුපාතයක් ලෙස ගත්විට එය 7ට 1ක්.

මේ අතර ගැබිණි මව්වරුන්ගෙන් දරුවාට එච් අයි වී ආසාදනය වීමේ අවදානම ඉතා අවම අගයකට පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here